අථත්‍ය විශ්වය තරණය කරමු!

විශ්වය ගවේෂණය කරන්න ඔයාලා ගොඩාක් කැමතියි කියලා දන්නවා.අන්න ඒ වෙනුවෙන් තමයි මම ඔයාලට virtual විදියට විශ්වය තරණය කරන්න ක්‍රමයක් කියලා දෙන්න යන්නේ.😊

මේක පරිගණක මෘදුකාංගයක්.මේකේ නම තමයි #Space_Engine.මේ මෘදුකාංගය ඔයාලට බාගත කරගන්න පුලුවන් https://spaceengine.org/download/spaceengine කියන ලින්ක් එකට ගිහිල්ලා.දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නෙ කියලා.

මේක ඔයාගෙ පරිගණකයට install කරනවනම් ඔයාගෙ පරිගණකය යම් අවශ්‍යතා ටිකක් සම්පූර්ණ කරන්න ඕනේ.ඒ පද්ධති අවශ්‍යතා(System Requirements ) පහත දැක්වෙනවා.

අවම අවශ්‍යතා.(Minimum)

Dual Core 2 GHz ප්‍රොසෙසර් එකක්
4GB Ram ධාරිතාවයක්
Nvidia හෝ AMD 1GB වීඩියෝ මතක ධාරිතාවක්
(512MB එකෙත් වැඩ කරා)
1. 1GB මතක ධාරිතාවක්
Windows Xp/7/8.1/10

නිර්දේශිත අවශ්‍යතා.(Recommend)

Quard Core 3 GHz ප්‍රොසෙසර් එකක්
8GB Ram ධාරිතාවක්
Nvidia හෝ AMD 2GB වීඩියෝ මතක ධාරිතාවක්
1. 1GB මතක ධාරිතාවක්
Windows Xp/7/8.1/10

මේක Download කරගත්තාම ලැබෙන්නේ Windows Setup file එකක්.ඒක මත ඩබල් ක්ලික් කරලා සාමාන්‍ය විදියට install කරගන්න.ඒක install වුණාම Desktop එකට Shortcut එකක් විදියට ලැබෙයි.දැන් ඒක Open කරගන්න.මතක තියාගන්න මේක Beta Version එකක්.

හරි දැන් මේක ඕපන් කර ගත්තාම ඔයා ඉන්නෙ අභ්‍යාවකාශයේ 😃.ඔයාට දැන් ඕන දෙයක් හොයාගන්න පුලුවන්.දැනට හොයාගෙන තියන බහුතර,ගැලක්සි,තාරකා,කළු කුහර,නෙබියුලා,ග්‍රහලෝක,ග්‍රහපද්ධති,ධූමකේතු,ග්‍රාහක ඇතුලු සෑම දෙයක්ම සජීවීව මෙන් දැක ගත හැකියි මම පල්ලෙහා ScreenShot දාන්නම්.😊.

ඔයාට පුලුවන් ඔයාගෙම කියලා අභ්‍යවකාශ යානයක් හදාගන්න මේකෙදි.ඒකේ නැගලා විශ්වය පුරාම යන්නත් පුලුවන්.

විශේෂම දේ තමයි.මේ සෑම දෙයක් ගැනම සවිස්තරාත්මක තොරතුරු ඔබට ලබාගත හැකියි.ඒ නිසා අථත්‍ය විශ්වයේ සැරිසරන්න අමතක කරන්න එපා.ඒක අමුතු අත්දැකීමක් වෙයි.😊.

මේක පාවිච්චි කරන එක ගැන ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න.මේක දැනටමත් පාවිච්චි කරන අය ඒ අයට උත්තර දෙන්න.මොකද මේකේ Controls ටිකක් මංඥං😂.

පල්ලෙහා තියෙන්නෙ Screenshot.👇👇👇.

Space Engine හි ආරම්භක අතුරුමුහුණත.
පෘථිවිය හා සූර්‍යයා
බ්‍රහස්පතී හා එහි චන්ද්‍රයන්
සෙනසුරු හා එහි චන්ද්‍රයන්
ක්ෂීරපථය
ඔරායන් නෙබියුලාව
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය
ක්ෂීරපථය මධ්‍යයේ වූ Sagittarius A නම් වූ කළුකුහරය
හැලීගේ ධූමකේතුව හා සූර්‍යයා

මම Sahan S Liyanage.😊.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Powered by WordPress.com.

Up ↑

%d bloggers like this: